සැරදේ සීවලි විදුහල් මාතා
නමදිමු සිරස නමා
හෙළදිව විදුහල් අඹරේ විදුහල්
පුන්සද සේ ඔබ බැබළේ වා
බැබළේ බැබළේ බැබළේවා...
ඔබ පා සෙවනේ සිසිල දොවා
ශිල්ප කලාවන් පුහුනු කළා
ඔවදන් මුතුවැල් ගනෙ පළදා
තුන් සිංහලයම එකළු කලා
සැරදේ සීවලි විදුහල් මාතා....
පලබර සරුකෙත් තව බිහිවෙවා
දෑ අභිමානෙන් පෙරටම යේවා
ගුණ මිණී බරණින් හද සැරසේවා
ඔබ දුන් ඔවදන් ප්‍රාණය වේවා
සැරදේ සීවලි විදුහල් මාතා....
පස්වා දහසක් සිසුකැල සමඟින්
දින දින ඔබ පිබිදේවා
පිබිදේ පිබිදේ පිබිදේවා
පුන්සඳ සේ ඔබ බැබළේවා
සිතට නුවක ඔබයි අපේ
ගතට සවිය ඔබයි අපේ
දැයට එඩිය ඔබයි අපේ
සමඟි බලය ඔබයි අපේ