නැගෙනහිර පළාතේ ත්‍රිිීකුණාමලය දිස්‍ත්‍රිිීක්කයේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශට අයත් යුනිට් 03 ග්‍රාම නිලධාරිි වසමේ කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලය සහ කන්තලේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දුෂ්කර පාසලකි.
මෙය 1953.11.23 දින ආරම්භ කරන ලද බවත්,කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ආරම්භයත් සමග ස්ථාපිත කරන ලද මුල්ම පාසල වේ.
අතීතයේදී විශාල සංඛ්‍යාවක්
මෙම විද්‍යාලයේ ඉගනුම ලබා ඇති අතර,ක්‍රමයෙන් අවට පාසල් ඇති වීමත් සමග ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව පහත ගොස් මේ වන විට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් ගණයට අයත් වන පාසලක් බවට පත්ව ඇත.
එසේ වුවත් ක්‍රීඩා ජයග්‍රහණවලින්, පළාත් මට්ටමේ ජයග්‍රහණ තුලින් සමස්ත ලංකා මට්ටම දක්වා තරග නියෝජනය කර ඇත. සංගීත අංශයෙන්ද සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ඇත.
ජාතික මට්ටමේ විභාග වන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය,අ.පො.ස(සා.පෙළ) විභාග වලින් ඉහළ මට්ටමේ සාධන ප්‍රතිශතයන් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.
අභියෝග රැසකිත් හෙබි මෙම පාසල සාර්ථකත්වය කරා ගෙනයෑම අප සැමගේ අභිප්‍රායයි
|
ආරම්භ කළ වර්ෂය |
1953.11.23 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
4 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
15 |
|
මුල් ගුරුතුමාගේ නම |
එ.ල්.ගුණවර්ධන මයා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ජේම්ස් මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ත්‍රී/කන්/සීවලී විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1957 ඔක්තෝම්බර් 25 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කන්තලේ, රජඇල ගම්මානයේ,යුනිට්/03 |